සැරදේවා ශ්‍රී ධර වෑපස්සාවෙල විදුහල් මෑණි අපේ
පෙන්වා විදු ඇස නංවා කිතුරැස බැබළේ හෙළ දීපේ
තෙදවන් ඌවෙි පද්ම රාග සම ජාත වර්ණ භූමි
කීර්ති රත්න ධරණී ජයතු ජයතු ජය ශ්‍රී
ඉන්ද්‍ර දීප සම ලංකා භූමි ලද ස්වර්ණ රජිත කුමරි
පරම පවිත්‍ර බල දීප්ති මාතෘවර ශිල්ප ශාස්ත්‍ර ධාරි
සෞර්ය වීර්ය වඩවා භාග්‍ය උදා කරවා
ලැබදේ ජය ගී හද දිරි දී පෙරටම යමු සැවොමා
විශ්ව කීර්තිධර වීර දූ පුතුන් ජනිත ජනිත කරවා
විශ්මයාති ජවවී විශ්ව කීර්ති ජය ශ්‍රී
ලංකාදීප සම කෙෂ්ම භූමි තුළ සැරදේ සිරි ජය ශ්‍රී